තරහා වුණත් ප්රචාරක කටයුතුවලදී එකට
සිය ප්‍රේම සම්බන්ධය බිඳීයාමත් සමග පසුගිය කාලයේ එකිනෙකට විරසකව සිටි සුශන්ත් සිං හා ක්‍රිති ෂැනොන් මේ දිනවල නැවතත් ප්‍රසිද්ධියේ එකට පෙනී සිටින බව සඳහන් වෙනවා. ඒ ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත නිරූපණය කරන ‘රබ්තා’ චිත්‍රපටයේ ප්රචාරක කටයුතු සඳහායි.
‘රබ්තා’ චිත්‍රපටය එළැඹෙන ජුනි 09 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති අතර, සුශන්ත් හා ක්‍රිතිට අමතරව මෙහි දිපීකා පදුකෝනි ආරාධිත චරිතයකින් ප්‍රේක්ෂකයන් මුණගැසීමට සූදානමින් සිටින බව සඳහන්.