තරහකාරයෝ යාළු කරන සල්මන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-08-27-ent-56

ජැකලින් ෆර්නැන්ඩස් සහ කත්‍රිනා කයිෆ් අතර තිබූ අමනාපය ගැන කවුරුත් දන්නවා ඇති. මේ අමනාපය තිබුණත් ඔවුන් දෙදෙනා සල්මන්ගේ වි‍දේශ ප්‍රසංග මාලාවටත් පසුගිය දිනවල එක් වී සිටියා. අමනාපය තවමත් තිබෙන බව දැනගත් සල්මන්, ජැකලින් සහ කට්රිනාව මිතුරු කරවන්න හිතා ගෙන වැඩක් කරන්න සැරසුනා. ඒ තමයි කලකට පෙර ශ්‍රී දේවි සහ ජයප්‍රදා අතර තිබුණු විරසකය අවසන් කරන්න ඔවුන් දෙදෙනාම රාජේෂ් ඛන්නා සහ ජිතේන්ද්‍රයි කාමරයකට දමා දොරගුලු දැමුවා.

ඒ දේම කරන්න හැදුව සල්මන් ඛාන්ට වැඩි මහන්සියක් වෙන්නට සිදුවුණේ නැහැ. ඔහු ඉදිරියේදීම එකිනෙකා වැලඳගත් ජැකලින් සහ කට්රිනා, ඔහුට පොරොන්දු වුණේ ‘මින් මතුවට අපි තරහ නෑ’ යි කියමින්.