තමිල්නාඩුවේ නැවත ප්රදර්ශනය වන ‘බිග්ලී’
පසුගිය වසරේ ඔක්තෝබර් 25 වැනිදා ප්රදර්ශනය වූ තලපති විජේගේ ‘බිග්ලී’ චිත්රපටය මේ දිනවල නැවතත් දකුණු තමිල්නාඩුවේ ප්රදර්ශනය වෙමින් පවති. ජනප්රිය දකුණු ඉන්දීය චිත්රපට රාශියක් අධ්යක්ෂණය කළ ඇට්ලි කුමාර් විසින් අධ්යක්ෂණය කරනු ලැබු මෙම චිත්රපටය මුලින් තිරගත වූ කාල සීමාවේදී ඉන්දීය රුපියල් කෝටි 300ක අදායමක් උපයා ගැනීමට සමත් විය.
විජේ පිය පුතු ලෙස ද්විත්ව චරිත නිරූපණය කරන මෙහි ප්රධාන නිළි භූමිකාවට පණ පොවනු ලැබුවේ සුරූපි නයන්තරා විසිනි. මෙම චිත්රපටය දකුණු තමිල්නාඩුවේ පොන්ඩ්චෙරි ඇතුළු නගර කිහිපයක දිනකට දර්ශන වාර තුන බැගින් මේ වනවිට ප්රදර්ශනය කරමින් පවතියි. ‘කොවිඩ් 19’ වසංගතය ඉන්දියාව පුරා පැතිරෙන අවධියක මෙසේ ඉන්දීය චිත්රපටයක් ප්රදර්ශනය වීම බොහෝ දෙනෙකුගේ විශ්මයට හේතුවක් වි තිබේ.