තමිල්නාඩුවේ රජ කරන ‘බිගිල්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-18-ent-506

ඔක්තෝබර් 25 වැනිදින ප්‍රදර්ශනය ආරම්භ වූ විජේගේ ‘බිගිල්’ චිත්‍රපටය මේ වනවිට ඉන්දීය බොක්ස් සිනමා දර්ශකයේ පෙරළි කරන්නට සමත් චිත්‍රපටයක් බවට පත්ව තිබේ. ඉන්දීය රුපියල් කෝටි 180ක් වැය කරමින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය දින තුනක් ගෙවෙද්දි සිය නිෂ්පාදන වැය සම්පුර්ණ කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම තමිල්නාඩුවේදී දකුණු ඉන්දීය චිත්‍රපටයක් දිනයක් තුළදී උපයාගත් ඉහළම ආදායමද මෙම චිත්‍රපටය හිමි කරගෙන ඇතැයි වාර්තා වේ. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීමට සමත් වූයේ රාජ්මෞලිගේ ‘බාහුබලී’ දෙවැනි චිත්‍රපටයයි.