තමිල්නාඩුවේ තරු දරුවෝ
චිත්රපට කේෂ්ත්රයේ පමණක් නොව දේශපාලන කේෂ්ත්රයේත් සුපිරි භූමිකා රඟපාන්නට නළු නිළියෝ දක්ෂය. විශේෂයෙන්ම තමිල්නාඩු දේශපාලනයේ ඉහළ තනතුරු දරණ වැඩි දෙනෙක් නළු නිළියන්ය. එම්.ජී.ආර්., කරුණානිධි, ජයලලිතා පරපුරට අලූතින්ම එක්වන සුපිරි නළුවන් දෙදෙනා රජිනිකාන්ත් සහ කමල් හසන්ය.
පසුගියදා ඔවුහු දකුණු ඉන්දියානු නළු නිළි සංගමයේ අරමුදල තරකිරීම සඳහා වූ වැඩසටහනකට සහභාගී වීම පිණිස ක්වාලාලම්පූර් කරා ගියහ. ඔවුන් දෙදෙනා වැඩසටහන පැවති ගෘහස්ථ ක්රීඩාංගණයට ගියේ හෙලිකොප්ටරයකිනි. ඉනික්බිතිව විවෘත රථයක නැගී වේදිකාව තිබූ ඉසව්වට ගියහ. වේදිකාවේදී එකිනෙකාට ආචාර කරගත් ඔවුහු රසිකයන්ගේ ආචාරත් පිළිගත්හ. තමිල්නාඩු දේශපාලන බිමට පිවිසෙන බැව් ඔවුන් හෙළිදරව් කළේ එහිදීය.
මේ අවස්ථාවට ජනප්රිය දෙමළ නළු නිළියන් වන විජේ, සූර්යා, ආර්යා, විශාල්, ධනුෂ්, වික්රම්, විජේසේතුපති, ජයම් රවි, සිවා කාර්තිකේයන්, සමන්තා, අමලා කුෂ්බු ආදීහු ද සහභාගී වූහ.