තමිල්නාඩුයේ හොඳම කාන්තාව අයිශ්වර්යා
වාර්ෂිකව ‘චෙන්නායි ටයිම්ස්’ පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන තමිල්නාඩුවේ සිටින ජනප්‍රිය හා හොඳම කාන්තාව බවට පත්වන්නට ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි අයිශ්වර්යා රාජේෂ්ට හැකිව තිබේ. පසුගිය වසරේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයකටම දායක වූ ඇය මෙවර මෙම ලැයිස්තුවට පත්වූයේ තුන්වැනි වතාවට වීම විශේෂත්වයකි.
ලැයිස්තුවේ දෙවැන තැන නයනතාරාටද තුන්වැනි තැන සමන්තා අක්කානිටද හිමිව තිබේ. අන්ක්‍රිති වාස්, ක්‍රිති සුරේෂ්, යෂිකා ආනන්ද්, ත්‍රිෂා කිෂ්ණන්, ඕවියා, අදිති රාඕ හයිද්‍රි, සායි පල්ලවී මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහය අතරට පැමිණ තිබේ. ජනප්‍රිය සිනමා නිළි කාජල් අග්‍රාව්ල් මෙම ලැයිස්තුවේ 14 වැනි තැනටද, ඇමි ජැක්සල් 15 වැනි තැනටද, තමන්නා 18 වැනි තැනටද, අනුෂ්කා ෂෙට්ටි 24 වැනි තැනටද, ශ්‍රෑති හසන් 26 වැනි තැනටද පත්ව ඇත.