තමිල් නාඩු දේශපාලනයට පිවිසෙන 'විජේ'
නොවැම්බර් 06 වැනිදා කොලිවුඩයට සමානව ඉන්දියාව පුරා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර ඇති ඒ.ආර්. මුරුගුඩ්ස්ගේ ‘සර්කාර්’ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන විජේ පසුගියදා මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹිම සඳහා එක්ව සිටියහ. එහිදි ඔහුට ලැබුණ කෙටි ස්තුති කතාවකදී පවසා තිබුණේ තමාද ඉදිරියේ පැවැත්වෙන තමිල්නාඩු මහ මැතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරමින් සිටින බවය. මාධ්‍යවේදින් මෙහිදි ප්‍රශ්න කිහිපයක්ම විජේට ඉදිරිපත් කළ නමුදු ඔහු ඒ වෙනුවෙන් කිසිදු පිළිතුරක් ලබා නොදී ඇත. විජේ මෙවර මහා මැතිවරණය රාජිණිකාන්ත් හා කමල් හසන්ගෙන් පසුව ඉදිරිපත් වෙන තුන්වැනි සුපිරි දමිල සිනමා නළුවාද වෙයි.