තමන්නාට රසිකයෙක්ගෙන් සපත්තු ප්‍රහාරයක්
දමිල සිනමා නිළියක් වන තමන්නා හට සපත්තු ප්‍රහාරයකට මුහුණ දීමට සිදුව තිබේ. පසුගියදා තමන්නට ස්වර්ණාබරණ වෙලෙඳසලක් විවෘති කිරීමට ලැබූ ආරාධනාවක් ලැබී තිබෙනවා. එම කාර්යය සඳහා එම ස්ථානයට ගොස් ඇති ඇය, එම විවෘත කිරිමෙන පසුව නැවත පැමිණීමේදී මෙලෙස සපත්තු ප්‍රහාරකයට මුහුණ දීමට සිදුව තිබේ.
එම සපත්තු ප්‍රහාරයෙන් ඇය ගැලවී තිබුණු අතර, එම ප්‍රහාරය එල්ල කරනු ලැබූ පුද්ගලයාව එම ස්ථානයේ සිටි පොලිස් නිළධාරියෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව පොලිස් ස්ථානයට ගෙන ගොස් ඔහුගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, තමන්නාගේ මෑතකදී තිරගත වූ චිත්‍රපට චරිතයක් ඔහුට නොරිස්සූ බවයි. එම කාරණාව හේතුවෙන් මෙලෙස ප්‍රහාරයක් එල්ල කර බවයි.