තමන් මිලදී ගත් මුල්ම මෝටර් රථය ගැන කියු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් බච්චන් කියන්නේ බොලිවුඩයේ නමක් දිනාගත් චරිතයක්.

බොලිවුඩ් විචාරකයින් කියන ආකාරයට අමිතාබ් බච්චන් වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වී වැඩ කළේ අද ඔහු ලබා ඇති සාර්ථකත්වය දැක ගැනීමටයි. ඔහු බොලිවුඩයට ඉන්දියානු සිනමා ඉතිහාසයේ අමතක නොවන චරිත හා චිත්‍රපට රැසක් ලබා දී තිබෙනවා.

මේ අතර අමිතාබ් ගැන තවත් සුවිශේෂ කතාවක් තිබෙනවා. ඒ ඔහු අතිදක්ෂ ව්‍යාපාරිකයෙක් වීම,සාර්ථක ව්‍යාපාරිකයෙක් වීම, අමිතාබ්ගේ මේ සාර්ථකත්වයට හේතුව ලෙස දකින්නේ ඔහු වෙනස්වන කාලය සමඟ වෙනස් වීමට බිය නොවීමයි.

අමිතාබ්ට පිරිපුන් තාක්‍ෂණික දැනුමක් ඇති අතර ඔහුගේ රසිකයන් සමඟ සම්බන්ධ වීමට ඔහුට උපකාර වන සෑම සමාජ මාධ්‍ය වේදිකාවකම ඔහු සිටිනවා.

පසුගිය දා ආමිතාබ් ටිකක් විරල, අලුත් තාලේ වැඩක් කළා. ඒ තමයි ඔහු තම පවුලේ පළමු මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් සමාජමාධ්‍ය වෙත මුදා හැරීම.

‘මේ මම සහ ජයා එක්ව මිලදී ගත් පළමු මෝටර් රථය. එය අපිට සිහිනයක් වාගේ. කොහොම වුණත් එය සුරක්ෂිත කර ගැනීම සදහා අපට වෙහෙසවීමට සිදු වුණා. ඔබ දැන් දකින ඒ මෝටර් රථය ප්‍රතිනිර්මාණය කර නැවත පින්තාරු කර තිබෙන්නේ. එය කළේ මිතුරෙකු විසින්. ඔහු එය තෑග්ගක් ලෙස මට ලබා දුන්නා‘ අමිතාබ් කිව්වා.

1950 දී නිෂ්පාදනය කර ඇති මෙම ෆෝඩ් මෝටර් රථය ගැන අම්තාබ් තව දුරටත් සදහන් කරනවා.

‘මේ රථය දුටු විට මා විස්මයට පත් වුණා. මෙය මෙපමණ සුන්දර යැයි මට විශ්වාස කළ නොහැකියි. මම සහ ජයා මෙහි නැගී අපමණ සතුටින් සහ ආදරයෙන් ගමන් කළ ආකාරය මට සිහිනයක් වාගේ මෙනෙහි කළ හැකියි. ඒ අතීතය කරා යාම ඇත්තෙන්ම සුන්දර දෙයක්‘

20201020Amithab (5) 20201020Amithab (4) 20201020Amithab (3) 20201020Amithab (2) 20201020Amithab (1)