තම සහෝදරයා නොමැතිව දුක් වෙන රිකී මාර්ටින්
ජනප්‍රිය ගායක රිකී මාර්ටින්ගේ උපන් බිම පිහිටි පුවටෝ රිකෝ පසුගියදා හදිසි ආපදා තත්ත්වයකට මුහුණදෙනු ලැබුවා. එහිදී සිදුවූ විනාශය හේතුවෙන් විදුලි බලය, ජල සැපයුම, ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සහ සන්නිවේදනය ඇතුළු සියලු කටයුතු අඩාල වී තිබූ බවද සඳහන් වෙනවා. පසුගියදා රිකී මාටින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සටහනක් තබමින් ඔහුගේ සහෝදරයාද මේ තත්ත්වය හේතුවෙන් අතුරුදන්ව ඇති බවයි. ඔහු පිළිබඳව කිසිදු ආරංචියක් නොමැති බව ඔහු සඳහන් කර තිබුණා. මීට අමතරව තම රසිකයන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ විනාශයට පත්වූ පුවටෝරිකෝ ජන ජීවිතය යළි නඟාසිටුවන්නට අවශ්‍ය ආධාර ලබාදෙන ලෙසයි.