‘තප්පාඩ්’ ගැන කණගාටුවන ටප්සි පන්නු
පසුගිය පෙබරවරි 22 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වූ අනුබව් සින්හාගේ ‘තප්පාඩ්’ චිත්‍රපටය සති දෙකක කාලයක් පමණක් ප්‍රදර්ශනය වීම තමාට කණගාටුවක් ඇති කළ සිදුවීමක් බව එම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ දුන් ටප්සි පන්නු මෑතකදී එක්වූ සිනමා වෙබ් අඩවියකට පවසා ඇත.
ටප්සි පවසන්නේ මෙම චිත්‍රපටය යම් හෙයකින් තවත් සති කිහිපයක් ප්‍රදර්ශනය වූවානම් ඉහළ ආදායමක් හිමි කරගනු ඇති බවය. කෙසේ වුවත් තිරගත වූ කාලසිමාවේදී පමණක් ඉන්දීය රුපියල් කෝටි 44ක ආදායමක් උපයාගන්නට සමත් වි තිබුණි. ටප්සි මෙම චිත්‍රපටයෙන් පසුව සිය ප්‍රේක්ෂයන් නැවත හමුවන්නේ සුභාෂ් මෙහෙතාගේ ‘මිතල් රාජ්’ චිත්‍රපටය තුළිනි.