'තග්ස් ඔෆ් හින්දුස්තානි' අසාර්ථක වෙයිද?
මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 220ක ආදායමක් උපයාගෙන ඇති ‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්රපටය අසාර්ථක වෙන ලකුණු මේ වන විට පෙන්වමින් සිටින බව සිනමා විචාරකයින් පවසයි. ඔවුන් පවසන්නේ චිත්රපටය තිරගත වු දිනයේදී තිබු ප්රේක්ෂක උනන්ඳුව මේ වනවිට මෙම චිත්රපටය කෙරෙහි අඩුවෙමින් පවතින බවය.
‘තග්ස් ඔෆ් හින්දුස්තානි’ චිත්රපටය නිර්මාණය කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 300කට වඩා වැඩි ප්රමාණයක් වැයව තිබෙන අතර, දැනට පවතින තත්ත්වය අනුව මෙම චිත්රපටය මෙම මුදල උපයා ගැනීමේ ගැටළුවකට මුහුණ දී සිටියි. කෙසේ වෙතත්, චිත්රපට නිෂ්පාදකයින් සැලසුම් කර ඇත්තේ මෙම චිත්රපටයද චීනයේ ප්රදර්ශනය කිරීමටට. මන්දයත්, අමිර්ගේ චිත්රපට බොහෝමයක් අති සාර්ථක වූයේ චීනයේ ප්රදර්ශනය කිරිමෙන් පසුව නිසාවෙනි.