‘තග් ද හින්දුස්තානි’ අසාර්ථක වීම ගැන
‘දංගල්’ චිත්රපටය තුළින් අතිශය ජනප්රිය වු ෆාතිමා සානාට පසුගිය නොවැම්බර් මාසයේදී තිරගත වු සිය අලුත්ම චිත්රපටය ‘තග් ද හින්දුස්තානි’ අසාර්ථක වීම පිළිබඳව තමා දැඩි ලෙස කණස්සල්ලෙන් පසුවෙන බව සඳහන් වේ. එදා මෙදා තුර බොලිවුඩ් සිනමාව තුළ ප්රදර්ශනය වූ අති විශිෂ්ටතම සිනමා නිර්මාණයක් බව පවසන ෆාතිමා ‘තග් ද හින්දුස්තානි’ චිත්රපටය මෙසේ අසාර්ථක වීම තමාට අදහාගත නොහැකි බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.
එමෙන්ම පසුගිය වසර කිහිපයේදීම අමිර් ඛාන්ගේ චිත්රපට අති සාර්ථක වූ අතර, ‘තග් ද හින්දුස්තානි’ චිත්රපටයද අමිර්ගේ තවත් සාර්ථක චිත්රපටයක් වනු ඇති බවටද තමා තුළ දැඩි විශ්වාසයක් තිබුණ බවද ෆාතිමා වැඩි දුරටත් සඳහන් කර තිබුණී. වාර්තා වන අන්දමට ‘තග් ද හින්ස්තානි’ චිත්රපටය මේ වනවිට චිනය ඇතුළු ආසියාතික රටවල් ප්රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙන බව සඳහන් වේ.