ඩේෂි හරියටම එයාගේ අම්මා වගේ
ජනප්‍රිය හොලිවුඩ් නළු ඔර්ලොන්ඩ් බ්ලුම් පසුගියදා එක් වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ සිය දියණිය ඩේෂි ඩෝව් තම බිරිඳ කැති පෙරිගේ රුවට බොහෝ සෙයින් සමාන බවය. ‘ඇයට කැතිගේ නිල් පාට ඇස් පිහිටලා තියෙනවා. ඒ වගේම කැතිගේ නහය කට කන් මේ හැම දෙයක්ම ඩේෂිටත් පිහිටලා තියෙනවා. කොටින්ම ඇය අම්මා වගේමයි’ බ්ලුම් වැඩි දුරටත් පවසා තිබුණි.
එමෙන්ම බ්ලුම් පළමු වතාවට සිය ‘ටිවිටර්’ ගිණුම තුළින් සිය දියණිය ඩේෂිගේ ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනුද දක්නට ලැබීම විශේෂත්වයකි. කෙසේ වෙතත්, තවමත් සිය විවාහය පවත්වා ගැනීමට නොහැකි වි ඇති බ්ලුම් එයද ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා කල් දැමු බව පවසා තිබෙයි.