ඩෙන්මාර්ක් චිත්‍රපටයකට යොමු වු අවධානය
‘ඇකඩමි’ සම්මාන උළලේදී වසරේ හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූයේ ඩෙන්මාර්ක් චිත්‍රපටයක් වූ ‘අදර් රවුන්ඩ්’ චිත්‍රපටයයි. තෝමස් වින්ටර්බර්ග්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම ‘අදර් රවුන්ඩ්’ චිත්‍රපටය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඩෙන්මාර්කයේ ප්‍රදර්ශනය විය.
‘ඇකඩමි’ සම්මාන උළෙලදි ඩෙන්මාර්ක් චිත්‍රපටයක් වසරේ හොඳම විදෙස් චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව මෙය ලෙස ‘ඔස්කා’ සිනමා ඉතිහාසයට එක් වෙයි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයද ආදායම් උපයා ගැනීම අතින් අසාර්ථක එකක් විය.