ඩෙඩ්පූල් දෙවැන්නක්
රෙයින් රෙනෝල්ඩ් විසින් ප්‍රධාන චරිතයට පණ පොවනු ලැබූ "Deadpool" චිත්‍රපටයේ දෙවැන්න පිළිබඳව මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. ඒ 2018 වර්ෂයේදී මෙහි දෙවැන්න එළිදැක්වීමේ පුවතය. රෙයින් සමග මෙහි දෙවැන සඳහා දායක වන ප්‍රධාන නිළිය වන්නේ සාසී බීට්ස්ය. මෙම චිත්‍රපටය මාර්වල් සමාගම සතු වන අතර, එය එළැඹෙන වර්ෂය මුලදී එළිදක්වන බවද සඳහන් වෙයි.