ඩුබායිහි පෙන්වන පළමු චිත්‍රපටය ‘ගුඩ් නිවුස්’



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-15062020-CAT-07

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් වසා දැමුණ ඩුබායි නගරයේ සිනමා ශාලා නැවතත් ජුනි 11 වැනිදා සිට විවෘත වන බව එරට සිනමා පාලකයින් මාධ්‍යය දැනුම්වත් කර තිබේ. මේ අනුව ‘කොවිඩ් 19’ වසංගතයෙන් පසුව ඩුබායිහි පෙන්වන පළමු විදෙස් චිත්‍රපටය බවට ‘ගුඩ් නිවුස්’ බොලිවුඩ් චිත්‍රපටය පත්ව ඇත.

ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ප්‍රමණයක් ආදායම් ලැබු මෙම චිත්‍රපටයේ ආක්ෂේ කුමාර්, කරිනා කපූර්, කියාරා අද්වනි හා දිල්ජිත් දෝසන්ජි රංගනයෙන් දායක වෙයි. හාස්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති මෙම ‘ගුඩ් නිවුස්’ චිත්‍රපටය පසුගිය කාලයේ අන්තර්ජාලය හරහාද නරඹන්නට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වී තිබුණි.