ඩිෂාට මුලින්ම සුබපැතුම් එක් කළේ කවුද?
මේ වසරේ අති සාර්ථකව තිරගත වූ ‘මලාන්ග්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවූ ඩිෂා පටානිගේ 28 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණි.
එදින ඇයට මුලින්ම සුබපතා ඇත්තේ හිටපු පෙම්වතා වූ ටයිගර් ෂෙරොෆ්ය. මොවුන් දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධය මේ වනවිට බිඳ වැටි ඇති බවට තොරතුරු වාර්තා වුවද ටයිගර් ප්‍රසිද්ධියේ සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළින් ඩිෂාට මෙසේ සුබපැතුම් එක්කොට තිබීම හරහා ඔවුන් අතර තවමත් ප්‍රේම සම්බන්ධයක් පවතින බවට තහවුරු වී ඇතැයි බොහෝ දෙනා මත පළ කර තිබේ.