ඩිෂා වාසනාවන්ත නිළියක්ලු
නිරාජ් පාණ්ඩේ අධ්යක්ෂණය කළ ‘එම්.එම්.එස්.දෝනි ද අන්ටෝල්ඩ් ස්ටෝරි’ චිත්රපටයේ රඟපෑ ඩිෂා පටානි ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය සමගින් එක්වු සාකච්ඡාවකදී පවසා තිබුණේ තමා ඉතාමත් වාසනාවන්ත සිනමා නිළියන් බවය. සිය පළමු චිත්රපටයම ඉන්දීය රූපියල් කෝටි 250කට වැඩි ආදායමක් උපයාගත් අතර, මේ වසරේ තිරගත වූ ‘බාගී’ දෙවැනි චිත්රපටයද එවැනිම අති විශාල මුදලක් උපයාගන්නට සමත් විය.
ඉදිරියේදී ඇය සල්මාන් හා ප්රියංකා වැනි සුපිරි නළුනිළීයන් සමග ‘භාරත්’ චිත්රපටයේද රංගනයේ යෙදෙන අතර, එයද ආදායම් අතින් සාර්ථක වනු ඇතැයි බොලිවුඩ් සිනමා විචාරකයන් පෙන්වා දී ඇත. ඩිෂා බොලිවුඩ් චිත්රපටවලට අමතරව දායක වූ එකම හොලිවුඩ් චිත්රපටයද ඉහළ ආදායමක් උපයාගත් අතර, ඒ ජැකි චෑන්ගේ ‘කුංග් ෆූ යෝග’ චිත්රපටයයි.