ඩිවෝන් දේශපාලනයට එයිද?
ලොව ධනවත්ම රංගන ශිල්පියා ලෙස හඳුන්වන ඩිවෝන් ජොන්සන් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා කළ ප්‍රකාශයක් කෙරෙහි මේ වනවිට මුළුමහත් ලෝකයේම අවධානය යොමු වී තිබේ. එක්තරා ඇමෙරිකානු මාධ්‍යයක් කළ ජනතා මත විමසිමකදි ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දකින්නට කැමති ජනප්‍රිය පුද්ගලයන් අතරින් සියයට 47ක මනාප ප්‍රමාණයක් හිමි කර ගැනීමට ඩිවෝන් ජොන්සන් සමත්ව ඇත.
මේ හේතුවෙන් ඩිවෝන් සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමේ මෙම සටහන තබා තිබුණි. ‘පච්ච කොටාගත්, විශාල ශරිරයක් ඇති කෙනෙක් වගේම පිකප් ජිප් රථ පදවන්නෙක් කවදාවත් ඔබේ ජනාධිපතිවරයා ලෙස තෝරා ගන්න එපා. නමුත්, ඔබ කැමති නම් මා දේශපාලනයට පිවිසෙනවාට එය මා නිහතමානිව භාර ගන්නවා , ඇමෙරිකානු ජනතවට සෝවය කරන්න මා බොහෝම කැමති කෙනෙක්.’ යැයි ඩිවෝන් පවසා ඇත.