ඩිවෝන් ජොන්සන් ‘කොවිඩ් 19’ වෙනුවෙන්
ලොව වැඩිම ආදායමක් උපයන නළුවා බවට පත්ව සිටින හොලිවුඩ් සිනමා නළු ඩිවොන් ජොන්සන් සිය උපන් රට වූ ඇමෙරිකාව මෙන් ‘කොවිඩ් 19’ වෛයිරසයෙන් අසරණව සිටින යුරෝපීය රටවල්වල සිටින මිනිසුන් වෙනුවෙන් ප්රසිද්ධ පුද්ගලයන් යොදාගෙන ප්රසංගයක් පවත්වන්නට කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
ජොන්සන් සමගින් පොප් ගයිකා ශකීරා, බිලී පෝටර්, චාර්ලිස් තෙරොන්, ක්රිස් රොක්, කෙරී වොෂිංටන්, සල්මා හයෙක් සහ ඩේවිඩ් බෙකම්ද මෙම කාර්තව්යයට උරදීමට මේ වනවිට සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ. මෙම ප්රසංගය ජූලි 27 වැනිදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේදී පැවැත්වීමට සැළසුම් කර තිබේ.