ඩිවොන් ජොන්සන් නැවතත්
ලොව ධනවත්ම නළුවා ලෙස වර්තමානයේ හඳුන්වන හිටපු මල්ලවපොර ශූර ඩිවෝන් ජොන්සන් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙයි. ඩිවොන්ගේ අලුත්ම චිත්‍රපටය වී ඇත්තේ ඔහු 2002 වසරේ රංගනයෙන් දායක වූ ‘ද ස්කෝෆියන් කිංග්’ චිත්‍රපටයේ නව නිර්මාණය සඳහාය.
2002 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 180කට ආසන්න ආදායමක් උපයා ගන්නට සමත් විය. ඉන් පසුව විවිධ නළුවන් යොදාගෙන ‘ස්කොෆියන් කිංග්’ චිත්‍රපට නිර්මාණය වුවද ඒවා සියල්ලම අසාර්ථක ඒවා බවට පත් විය. අලුතින් නිර්මාණය වන ‘ද ස්කෝෆියන් කිංග්’ අනු නිර්මාණයේ නිෂ්පාදන බරපැණද දරන්නේ ඩිවොන් ජොන්සන් බව වාර්තා වෙයි.