ඩියෑනා පටෙල් මේ දවස්වල ෂූටිං
‘කොක්ටෙල්’ චිත්රපටය තුළි බොලිවුඩ් සිනමාවට පිවිසි ඩීයෑනා පටෙල් වසර වසර 5කට පසුව නැවතත් බොලිවුඩ් සිනමාවට පිවිස තිබේ. වසර 5කින් පසුව ඇය අවසන් වරට බොලිවුඩ් සිනමා ප්රේක්ෂකයන් මුණගැසුණේ පසුගිය වසර අවසානයේ තිරගත වූ ‘හැෆි බාග් ජායේගි’ චිත්රපටය තුළිනි.
මේ දිනවල ඇය තවත් අලුත් චිත්රපටයක රූපගත කිරීම් කටයුතුවලට සම්බන්ධව සිටින අතර, ඒ අභිෂේක් ෂර්මාගේ ‘පෙරමුණ’ නම් බොලිවුඩ් චිත්රපටයේය. මෙහි ඇය හමුදා නිලධාරිනියකගේ චරිතයක් නිරූපණය කරන අතර, ජෝන් ඒබ්රාහිම් ඇයගේ සිනමා පෙම්වතා ලෙස මෙහි පෙනී සිටියි.