ඩියානාට අමුතුම අත්දැකීමක්
‘කොක්ටෙල්’ චිත්රපටය හරහා බොලිවුඩ් සිනමාවට පැමිණි ඩියානා පේන්ටි මේ දිනවල චිත්රපට කිහිපයකින්ම දක්නට ලැබෙන බොලිවුඩ් සිනමා නිළියකි. ඇය රංගනයෙන් දායක වන ‘ලක්නව් සේන්ට්රල්’ චිත්රපටය පසුගිය සැප්තැම්බර් 08 වැනිදා ප්රදර්ශනය වූ අතර, එය ආදායම් උපයා ගැනීම අතින් මේ වනවිට යම් තරමක සාර්ථකත්වයක් ලබා ඇත.
ඩියානා පවසන්නේ, එම චිත්රපටයේ රූපගත කිරීම් අතරතුරදී තමාට අමුතුම අත්දැකීම් කිහිපයකටම මුහුණ දෙන්නට සිදුවු බවය. චිත්රපටයේ බොහෝ රූපගත කිරීම් ප්රමාණයක් ‘ලක්නව්’ සිර ගෙදරදී සිදු කර තිබුණ අතර, එහිදි මරණයට නියමවූ සිරකරුවන් බොහොමයක් මුණගැසෙන්නට ඩියානාට සිදුවූ බව ඇය පවසා සිටියි. නොයෙකුත් අපරාද කර සිගතව සිටින දරුණු පුද්ගලයන්ද සිටින සිර මැදිරි තුළ මෙම චිත්රපටයේ බොහෝ දර්ශන රූපගත කර තිබුණ අතර, තමාට එහිදී යම් බියක්ද දැනුණ බව ඩියානා පවසයි.