ඩියා මිර්සා ගැබිණීයක්
පසුගිය පෙබරවරි 25 වැනිදා කෝටිපති ව්‍යපාරික විභව් රේකි සමගින් විවාහ වූ ඉන්දිය සිනමා නිළි ඩියා මිර්සා මේ දිනවල සිය මධුසමය ගත කිරිම සඳහ මාලදිවයිනට පැමිණ තිබේ. පසුගිය අප්‍රේල් 01 වැනිද ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබුණේ තමා මේ වනවිට ගැබිණියක් බවට පත්ව සිටින බවය.
විභව් හා දියාගේ පළමු දරුවා මෙය විම විශේෂත්වයකි. එහෙත් විභව් සිය පළමු විවාහයේ දරුවන්ද සිටින පියෙකු බව වාර්තා වෙයි. කෙසේ වෙතත්, ඩියා සිය පළමු දරුවා ලැබෙන දින වකවාණු මේ වනවිට ප්‍රසිද්ධ නොකර අතර, ඇය තවත් දින කිහිපයකින් සිය මධුසමය නිමා කරමින් යළිත් ඉන්දියාවට පැමිණිමට නියමිතව ඇත.