'ඩියර් මායා' සමග මනිෂා නැවතත්
90 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත් සිනමා නිළි මනිෂා කොයිරාළ මේ දිනවල නැවතත් බොලිවුඩ් චිත්‍රපටයක් තුළින් දක්නට ලැබෙනවා. 2012 වසරේ ‘භූත් රිටන්ස්’ චිත්‍රපටයේ අවසන් වරට රංගනයෙන් දායක වු මනිෂා නැවතත් බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිටින්නේ වසර 5කට පසුව වීම විශේෂත්වයක්. පසුගියදා ‘ඩියර් මායා’ චිත්‍රපටය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඇය පවසා තිබුණේ, සිනමා නිළියක් ලෙස තමාගේ ස්වර්ණමය කාලය අවසන්ව ඇති බවයි.
වැඩිදුරටත් සිය සිනමා දිවිය පිළිබඳව අදහස් දැක්වු මනිෂා පැවසුවේ, අමීර් ඛාන්, ෂාරුක් ඛාන් හා සල්මාන් ඛාන් සමගින් තමාට රඟපාන්නට අවස්ථාව හිමිවීම පිළිබඳව තමා අතිශය සතුටට පත්වන බවයි. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ, තමාට දැන් පෙම්වතියගේ චරිතයට දායක වෙන්නට නොහැකි වුවද ඛාන් නළුවන් තවමත් සිනමා පෙම්වතුන් ලෙස පෙනී සිටින්නට තරම් කඩවසම් පෙනුමකින් සිටින බවයි.