ඩිම්පල් කපාඩියා තවත් තරුණ වෙලා
බොලිවුඞ් සුරූපිනියක වන ඩිම්පල් කපාඩියා ඇගේ 62 වැනි උපන් දිනය සැමරුවේ ජූනි අට වෙනිදාය. ඇගේ දියණිය ට්වින්කල් ඛන්නා විසින් ඒ වෙනුවෙන් නිකුත් කරන ලද වීඩියෝවකට සියල්ලන්ගේම ප්‍රශංසාව හිමි වී තිබේ.
‘‘මගේ අම්මා අවුරුද්දකින් වයසට ගියාට පෙනුමෙන් තවත් තරුණ වෙලා..’’ ඇය එහි සදහන් කර තිබිණි.
සත්තකින්ම එය එසේමය. ඇය කවදත් වයසට වඩා තරුණ පාටින් යුතු නිළියකි. සිය සිරුරට ගැලපෙන මෝස්තර තෝරා ගන්නට ඇය තුළ ඇති ඇල්ම සහ හැකියාව ද ඇගේ පෙනුම ඔප් නංවන්නසමත් වී තිබේ.
ඩිම්පල් සිනමාවට හ`දුන්වා දෙන ලද්දේ රාජ් කපූර් විසින් 1973 දීය. එවකට ඇගේ වයස අවුරුදු දහසයකි. ඔහු ගේ පුත් රිෂි කපූර් දොරට වැඩමවීම ස`දහා නිෂ්පාදනය කරන ලද බොබී චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ඩිම්පල්ට පිරිනැමිණි. එකල ජනපි‍්‍රයතම නළුවා වූ හින්දි සිනමාවේ ප්‍රථම සුපිරි තරුව ලෙස හැ`දින්වෙන රාජේෂ් ඛන්නාගේ සිත ඇය කෙරෙහි ඇදුණේ චිත්‍රපටිය තිරගත වෙන්නටත් පෙරය. විවාහ ජීවිතය ගැන කිසිදු අවබෝධයක් නැතිවම විවාහ වූ ඇය ඉනික්බිතිව සිනමාවෙන් සමු ගත්තාය. බොබී චිත්‍රපටියේ කළ රංගනය වෙනුවෙන් හො`දම නිළිය සම්මානයත් ඇයට හිමි වූයේය. ඇගේ ජීවිතය ගෙවුණේ දියණියන් දෙදෙනා වන ට්වින්කල් සහ රින්කි හදා වඩා ගැනීමටය. එහෙත් ඇගේත් රාජේෂ්ගේත් විවාහය තුළ හැලහැප්පීම් බහුල විය. දරා ගන්නටම නොහැකි වූ කල ඇය 1982 දී ඔහුගෙන් වෙන් වී දියණියන් දෙදෙනා ද කැටුව මව්පියන් වෙත ගියාය.
ඉන් දෑවුරුද්දකට පසුව ඇය නැවතත් සිනමාවට පිවිසියාය. එදාමෙදාතුර ඇය ර`ග පෑ චිත්‍රපටි සංඛ්‍යාව 75කටත් වඩා වැඩිය. දෙමළ, මලයාලම්, බෙංගාලි චිත්‍රපටි ද ඒ අතර තිබේ. ඇය ජාතික සම්මාන පවා ලැබූ නිළියක බවට පත් වූවාය. ඇය කවදාවත් දෙවන විවාහයක් ගැන නම් සිතුවේ නැත.
‘‘මම බොහොම සැහැල්ලූවෙන් සතුටින් ජීවත් වෙනවා.. ඉතින් මොනවට ද ආයෙ ජීවිතේ වරද්දා ගන්නෙ..?’’ඩිම්පල් සම්මුඛ සාකච්ඡුාවකදී එසේ කියා තිබිණි.
එහෙත් ඇය රාජේෂ් සම`ග වෛරක්කාරයන් මෙන් පසු වූයේ නැත. පසු කාලයක ඇය ඔහු සම`ග උත්සව, සාද ආදියේ දකින්නට ලැබිණි. ඔහුගේ දේශපාලන වැඩවලට ද ඇය උදව් කළාය. ඔහු අසනීප වූ විට රැුක බලා ගන්නට දරුවන් උනන්දු කරන ලද්දේ ද ඇය විසිනි. එහෙත් රාජේෂ් මිය යන තුරුම ඇය ඔහු සම`ග එක වහලක් යට ජීවත් වූයේ නම් නැත.
ඇගේ දියණියන් දෙදෙනාම ර`ග පෑ නමුත් විවාහ වූවාට පසුව ඇය මෙන්ම සිනමාවෙන් සමු ගත්හ.
ඩිම්පල් ඉදිරියේදී දකින්නට ලැබෙන්නේ ටෙනෙට් නම් හොලිවුඞ් චිත්‍රපටියෙනි.