ඩිකැප්රියෝ නළුවන් දෙදෙනක් පරදා අපරාධකරුවෙක්ගේ චරිතයට
ඔස්කා සම්මානලාභී නළු ලියනාඩෝ ඩිකැප්රියෝ පිළිබඳව කතාබහ කරනු ලබන්නේ ඔහු විසින් ඉදිරියේදී දායක වීමට යන චිත්රපටයක් හේතුවෙනි. ටැරන්ටිනෝ විසින් අධ්යක්ෂණය කරනු ලබන නවතම චිත්රපටය සඳහා ඔහු තේරී පත්ව ඇත්තේ යම් කිසි තරගකාරීත්වයක් සමගිනි.
ඒ ඔහු සමග මෙම චිත්රපටය වෙනුවෙන් තිර පරීක්ෂණයට ටොම් ක_ස්, බ්රැඩ් පිට් පෙනී සිටීමයි. ටැරන්ටිනෝ ඔහුගේ නිර්මාණයන් සඳහා නළු නිළියන් තෝරා ගැනීමේදී කෙතරම් ජනප්රිය නළුවෙකු නිළියක වුවද තිර පරීක්ෂණයක් සඳහා යොදා ගැනීම විශේෂ කාරණාවකි. මෙහි ඩිකැප්රියෝ හට රංගනයෙන් දායක වීමට ඇත්තේ, ඇමෙරිකානු අපරාධකරුවෙකු වන චාර්ලස් මැන්සන්ගේ කතාව පාදක කර ගනිමින් සිදුකරන චිත්රපටයක් සඳහාය.
මෙම අපරාධකරුවා ජීවිතක්ෂයට වූයේ පසුගිය වසරේය.