ඩැනියෙල් පැනබේකර්ගේ ජනප්‍රියත්වය තවත් වර්ධනය කරමින් 'ද ෆ්ලෑෂ්' සිවුවන දිගහැරුම ඇරඹෙයි
"ද ෆ්ලෑෂ්" රූපවාහිනී කතාමාලාවේ 04 වැනි අදියර මෙම මස 10 වැනිදා විකාශය වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. 2014 වර්ෂයේදී ආරම්භ වූ මෙම කතාමාලාව ලෝකයේ බොහෝදෙනෙකු අතර ප්‍රසිද්ධියට පත්ව තිබේ. "ද සී. ඩබ්ලිව්" රූපවාහිනී නාළිකාව හරහා මෙය විකාශනය කෙරෙන අතර, එම රූපවාහිනී නාළිකාව ඇමෙරිකාවට පමණක් සීමා වූ බවද සඳහන් වෙයි. විද්‍යා ප්‍රබන්ධ කතාවක් ඔස්සේ නිර්මාණය වූ මෙම කතාමාලාව ෆැන්ටසි ප්‍රභේදයකට අයත් වෙයි. වසරක් තුළ වැඩිම ආදායමක් උපයන මෙම රූපවාහිනී කතා මාලාව අද වන විට බොහෝ නාළිකාවලින් වැඩි වශයෙන් අලෙවි වී ඇති රූපවාහිනී කතාමාලාව ලෙසද හැඳින්විය හැක. මෙහි ප්‍රධාන රංගනය තුළ කැපී පෙනෙන්නෙකු පිළිබඳව කිවයුතුය. ඒ මෙම කතාමාලාවේ 03 වැනි අදියරේ ප්‍රධාන භූමිකාවක් වූ ඩොක්ටර් කේට්ලන්ට් ස්නොව් නොහොත් දෙවැනි ලෝකයේ කිලර් ෆ්රොස්ට් ලෙස රංගනයෙන් දායක වූ ඩැනියෙල් පැනබේකර්ය. ඇය ගැන මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන්නේ ඇය 04 වැනි කතාමාලාව තුළ කුමක් කරාවිද යන කුතුහලයත් සමගිනි.
ඇය සිනමා නිළියකට වඩා ජනප්‍රියත්වය ලබාගෙන ඇත්තේ රූපවාහිනී කතාමාලාවන් තුළය. 2002 වර්ෂයේදී ක්ෂේත්රයට ප්රවිශ්ට වූ ඩැනියල් මූලික වශයෙන් දායක වූයේ රූපවාහිනී කතාමාලාවක් සඳහාය. ඒ 2002 වර්ෂයේදී විකාශය වූ %ෆැමිලි අෆෙයාර්^ නම් රූපවාහිනී කතාමාලාව සඳහාය. ඉන්පසු ඇය 2003 වර්ෂයේදී තවත් රූපවාහිනී කතාමාලාවක් සඳහා දායක වන ලදී. ඒ %ද බර්නි මැක් ෂෝ^ නම් රූපවාහිනී කතාමාලාව සඳහාය. මේ කතාමාලාවෙන් පසුව ඇයට එම වර්ෂයේදී තවත් රූපවාහිනී කතාමාලාවන් 05ක් සඳහා දායක වීමට අවස්ථාව උදාවිය. එම වර්ෂයේදී බොහෝ කතාබහට ලක් වූ රූපවාහිනී නිර්මාණයක් වූයේ %සෙක්ස් ඇන්ඩ් ද සින්ගල් මාම්^ රූපවාහිනී කතාමාලාවයි. මෙම කතාමාලාව බොහෝදෙනා අතර ප්‍රසිද්ධියට පත් වූ අතර, මැය මෙහි ප්‍රධාන රංගනයෙන් දායක විය. ඩැනියල් නැවතත් රූපවාහිනී කතාමාලාවක් සඳහා දායක වන්නේ 2004 වර්ෂයේදීය. එම වර්ෂයේදී රූපවාහිනී කතා මාලා 04ක් සඳහා දායක විය. 2005 වර්ෂයේදී ටෙලි නිර්මාණ 04ක් සඳහා දායක විය.
2005 වර්ෂයේදී ඇය සිනමා නිළියක් ලෙස කලඑළි බසින්නේ %ස්කයි හයි^ නම් සිනමා නිර්මාණය ඔස්සේය. එම වසරේදීම ඩැනියල් තවත් නිර්මාණ දෙකක් සඳහා දායක විය. ඇය නැවතත් සිනමා නිර්මාණයක් ඔස්සේ පැමිණෙන්නේ 2007 වර්ෂයේදී තිරගත වූ %මිස්ටර් බ_ක්ස්^ නම් චිත්‍රපටය ඔස්සේය. රූපවාහිනිය තුළ දක්ෂ නිළියක ලෙස සම්මාන ලබමින් සිටි ඩැනියල් 2015 වර්ෂයේදී සිනමා දිවියට සමුදෙනු ලැබීය. ජනප්‍රිය නිළියක් ලෙස සම්මාන 04ක් ලබා ගැනීමට ඇයට අවස්ථාව උදා වුණි. ඇයව බොහෝදෙනා අතර මේ දිනවල ජනප්‍රිය වී ඇත්තේ %ෆ්ලෑෂ්^ රූපවාහිනී කතාමාලාව හේතුවෙන් සම්මාන තුනක් සඳහා නිර්දේශ වී තිබෙන බැවිනි. ඒ ආකාරයෙන් ඇය තම රංගන ජීවිතයේ බොහෝ කඩඉම් පසු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉදිරියේදී විකාශය වීමට නියමිත %ෆ්ලෑෂ්^ 04 වැනි අදියරෙන් පසුව ඩැනියල් ජනප්‍රිය නිළිය බවට නැවතත් පත්වනු ඇති බවයි බොහෝදෙනා අදහස් කරනු ලබන්නේ.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha