ඩැනියෙල් කේජ් අනතුරක
ලබන වසරේ තිරගත වන ‘බොන්ඩ් 25’ චිත්රපටයේ අවසන් රූපගත කිරිම් මේ දිනවල රුසියාවේ මොස්කව් නගරයේ සිදුවෙමින් පවති. මෝටර් රථයක් ධාවනය කරමින් සිටින දර්ශනයක් අතරතුරදී ‘බොන්ඩ් 25’ චිත්රපටයේ ප්රධාන චරිතය නිරූපණය කරනු සුපිරි හොලිවුඩ් නළු ඩැනියෙල් කේජ් අනතුරකට මුහුණ දී තිබෙන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මින් විශාල අනතුරක් ඔහුට සිදුව නොමැති අතර, වැලමිටේ තැල්මක් හා කකුලේ වළලුකාර ප්රදේශයේ ආබාධයන් ඇතිව තිබෙන බව සඳහන් වේ. ඩැනියෙල් කේජ් ‘බොන්ඩ්’ චිත්රපට අතරින් අවසන් වරට පෙනි සිටින චිත්රපටය මෙය වන අතර, ඊට පසුව ‘බොන්ඩ්’ චිත්රපටයක් නිර්මාණය නොකරන බවද නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.