ඩයනාගේ ලියුම් වෙන්දේසියට සූදානම්
1981 දී සියවසේ මංගල්‍යය ලෙසින් ලෝක පූජිත වූ චාල්ස් ඩයනා විවාහය 1996 දී දික්කසාදයෙන් කෙළවර වූයේය. එහෙත් ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය ආරම්භයේ පටන්ම ගැටළුවලින් පිරී පැවැති බවට සාධක දැන් ලැබෙමින් පවතියි. ඩයනා විසින් ඇගේ පෞද්ගලික ලේකම් ජේන් පාර්සන්ස්ට ලියන ලද ලියුම්වලින් මේ අමිහිරි යුග ජීවිතයේ ඇතුල් පැත්ත පිළිබඳව බොහෝ තොරතුරු හෙළිදරව් වෙයි. අපේ‍්‍රල් මාසයේදී මේ ලියුම් ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන්නට සූදානමක් පවතියි. රජ පවුල ගැන උනන්දු වෙන අයගෙන් ඒවාට හොඳ මිළක් නියම වෙනවා නිසැකය.
”පහුගිය කාලෙ මඟෑරුණ නින්ද ලබා ගන්න මධුසමය ප්‍රයෝජනවත් වුණා ...”
1981 අගෝස්තු 15 දා බි්රටැනියා නමැති රාජකීය යොට් යාත්‍රාවේ සිට ඩයනා විසින් ජේන්ට ලියන ලද ලියුමක එසේ සඳහන්වී තිබේ.
චාල්ස් - ඩයනා 1996 දී දික්කසාද වුවත් ඔවුන් එකිනෙකාගෙන් වෙන් වී ජීවත් වෙන්නට පටන් ගත්තේ 1992 දීය. දික්කසාද වී අවුරුද්දකට පසුව ඇය පැරිසියේදී ඛේදජනක රිය අනතුරකින් මරණයට පත් වූවාය. මේ වසරේ ගිම්හානයට ඇය මිය ගොස් වසර 20 ක් සපිරෙන්නේය.
ඩයනා මවක වූයේ අවුරුදු 20 දීය. ලාබාල වියේදී මවක වූ ඇගේ හැඟීම් ද මේ ලිපිවල අන්තර්ගතය.
ඇගේ වැඩිමහලූ පුතු විලියම් ඉපදුණේ 1982 ජුනි 21 දාය. ඩයනාගේ උපන් දිනය 1961 ජුලි 1 දාය. පුතුගේ උපතින් දෙසතියකට පසුව ඇගේ උපන් දිනය යෙදී තිබිණි. ඇයටත් පුතුටත් දෙදෙනාටම සුභ පැතුම් පත් විශාල සංඛ්‍යාවක් සහ තෑගි ද ලැබිණි.
”ඇත්තටම මේ උපන් දිනේදී තරම් කිසිම උපන් දිනයකදී මම මෙච්චර අවුලට පත් වුණේ නෑ. මම හිතුවේ මේ ලියුම් ගොඬේ මම එරිලා යයි කියලා.” ඇය ජේන්ට ලියා යවා තිබිණි.
විලියම්ට තෑගි 4500ක් ලැබී තිබූ අතර ඒවාටත් සුභ පැතුම් පත්වලටත් ස්තුති කළ ලියුම් 24,000ක් ලියන්නට තමාට සිදුවූ බැව් ඩයනා සඳහන් කර තිබිණි.
කෙසේ වුවත් මවක වීමේ සතුට නම් ඇය සිත පුරා භුක්ති වින්දාය. 1983 දී ඩයනාට විලියම් කුමරා තනිකර ඕස්ටේ්රලියානු සංචාරයක නිරත වෙන්නට සිදු වූයේය. එය ඇගේ නොමඳ කනස්සල්ලට හේතුවිණි. පුතුත් සංචාරය සඳහා රැගෙන යන්නට ඇයට වුවමනා වුවත් වෛද්‍යවරු එයට අවසර දුන්නේ නැත.
”ආව ගමන්ම විලියම් අපිව අඳුනා ගත්තා. සමහර අවස්ථාවල දෙමව්පියෝ දරුවන් දාලා ගියාම ඔවුන් ඈත් වෙනවනෙ. ඇත්තටම ඉක්මනට ආපහු ගෙදර එන්න ලැබීම ලොකු සතුටක්. මේ අවුරුද්දේ ආයෙමත් සංචාරයක යන්න සිදු වෙන්නෙ නැති වෙයි කියලා මම හිතනවා ...” ඇය ලියා තිබිණි. මේ ලියුම්වලින් හෙළිවන රාජකීය විවාහයේ අසුන්දර පැත්ත දැන ගැනීමට බොහෝ දෙනෙකු පුල පුලා සිටින බව හෙළි වෙයි.
චන්දි කොඩිකාර