ඩයනා එක්ක ජෝන් චිත්රපටයක
‘කොක්ටෙල්’ චිත්රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඩයනා පටෙල් පසුගිය පස්වසරක කාලයක් බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව සමුගෙන සිටියාය. එහෙත්, පසුගිය වසරේ අගභාගයේදී තිරගතවූ ‘හැෆි බාග් ජායේගී’ චිත්රපටය තුළින් නැවතත් බොලිවුඩ් සිනමාවට පැමිණි ඩයනා, ඉදිරියේදී ජනප්රිය බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්රහිම් සමගින් චිත්රපටයක රඟපෑමට සූදානමින් සිටියි.
මැයි 30 වැනිදා මෙහි රූපගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, චිත්රපටය ලබන වසරේ මුල් භාගයේදී තිරගත කිරීමට නියමිතය. වාර්තා වන අන්දමට ජෝන් හා ඩයනාට අමතරව තවත් ජනප්රිය නළුනිළියන් කිහිප දෙනෙකුම මෙම චිත්රපටය සඳහා සම්බන්ධ වීමට නියමිතය.