‘ඩම්බෝ’ දැන් ස්කොප් ශාලාවේ දී
මාර්තු මස 29 වැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්රදර්ශනය වන ‘ඩම්බෝ’ ත්රිමාණ චිත්රපටය බම්බලපිටිය ‘ස්කොප්’ ශාලාවේදි එම දිනයේදීම තිරගත වීමට නියමිතය. ‘වොල්ඩ් ඩිස්නි’ චිත්රපට සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්රපටය මේ වසරේ තිරගත වන පළමු ත්රිමාණ චිත්රපටය වෙයි.
ඉතාමත් රසවත්, නමුත්, කුඩා සර්කස් ප්රසංග පවත්වමින් ජිවත්වන සර්කස් කණ්ඩායමක සිටින පුංචි අලි පැටවෙකු වටා මෙහි කතාව ගේති ඇත. මෙම සර්කස් කණ්ඩායමට එකතු වෙන අලුත්ම සාමාජිකයා වන මෙම අලි පැටවා අනෙකුත් සර්කස් කණ්ඩායම් සාමාජිකයන්ට මුලින් කරදරකාරයෙකු වන නමුදු, ඔහුට විස්මිත පියඹා යාමේ හැකියාවක් ඇති බව හඳුනා ගැනිමත් සමග සෙසු සරක්ස් කණ්ඩායම් සාමාජිකයන් මිත්ර වෙයි. කොලින් ෆෙරල්, මයිකල් කීතන්, ඩැනි ඩෙවීටෝ, ඊවා ග්රින් හා ඇලන් ආර්කින්ස් මෙම චිත්රපටයේ රංගනයෙන් දායක වෙයි.