'ඩබාන්ග්' ප්‍රසංගයක් ජුනි මාසයේ ඇමෙරිකාවේ
සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ නර්තන ප්‍රසංගයක් ජුනි මාසයේ ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිතව ඇත. මෙම නර්තන ප්‍රසංගය ජුනි 22 වැනිදා ඇට්ලන්ටාහි පැවැත්වෙන අතර, ජුනි 23 වැනිදා චිකාගෝහි පැවැත්වීමට නියමිතය. ජුනි 29 වැනිදා ඩලාස්හිද, ජුනි 30 වැනි සැන්ෆ්‍රැන්සිස්කෝහිද පැවැත්වේ. ජුලි 01 වැනිදා නිව්යෝර්ක් නගරයේද, ජුලි 06 වැනිදා වොෂින්ටන්හිද, ජුලි 07 වැනිදා නිව් ජර්සිහිද පැවැත්වේ. මෙම නර්තන ප්‍රසංගය නිමාවට පත්වන්නේ ජුලි 08 වැනිදා ටොරොන්ටෝහි පැවැත්වෙන ප්‍රසංගයෙනි.
මෙම ප්‍රසංගය සඳහා සල්මාන්ට අමතරව, සොනක්ෂි සින්හා, ප්‍රභුදේවා, ඩේෂි ෂා, ජැකලින් ෆර්නැන්ඩෙස්, මනිෂ් පෝල් හා කත්‍රිනා කයිෆ් දායක වෙයි. මෙම ප්‍රසංගය ඇමෙරිකාවේ පැවැත්වෙන තුන්වැනි වතාව වීම විශේෂත්වයකි.