'ඩබාන්ග්' තුන්වැන්න 2018 කල්යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-23-ent-112

අතිශය ජනප්‍රිය වූ සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම 2018 වසර දක්වා කල්ගත වූ බව වාර්තා වේ. වාර්තා වන අන්දමට මෙසේ මෙම චිත්‍රපටය කල්ගත වී ඇත්තේ සල්මාන් මෙන්ම එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන දමිළ සිනමා නිළි ඇමි ජැක්සන් ගෙවී යන 2017 වසරේදී දැඩි ලෙස කාර්යබහුල වීම හේතුවෙනි.

සල්මාන්ගේ ‘ටියුබ්ලයිට්’ හා ‘ටයිගර් සින්දාහේ’ චිත්‍රපට මේ වසරේදී තිරගත වන අතර, ඇමි ජැක්සන්ගේ ‘2.0’ ඇතුළු දමිළ හා හින්දි චිත්‍රපට කිහිපයක්ම මේ වසරේදී තිරගත වීමට නියමිතව ඇත. සල්මාන්ද ‘ඩබාන්ග්’ චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා මේ වසර අවසානයේදී එක්වීමට කැමැත්ත පළ කර තිබෙන බව සඳහන් වේ.

 

2017-01-23-ent-111