‘ටෝයි ස්ටෝරි’ චිත්‍රපටයත් බිලියනයක් උපයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-08-09-ent-1523

ජනප්‍රිය ඇනිමේශන් චිත්‍රපට මාලාවක් වන ‘ටෝයි ස්ටෝරි’ චිත්‍රපටයේ සිවුවැනි චිත්‍රපටය මේ දිනවල හොලිවුඩයේ තිරගත වෙන අති සාර්ථක ඇනිමේශන් චිත්‍රපටයකි. ජුනි 21 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ වු මෙම චිත්‍රපටය පසුගිය සති අන්තය වන විට සිය ආදායම් තත්ත්වය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා වැඩි කර ගැනීමට සමත් විය.

මේ වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි ආදායමක් උපයාගත් හයවැනි චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක් වේ. ‘ඇවෙන්ජර්ස් ද ඉන්ඩ ගේම්’, ‘ද ලයන් කිංග්’, ‘කැප්ටන් මාවල්’, ‘ස්පයිඩර් මැන් ෆෙයාර් ෆ්‍රොම් හෝම්’ හා ‘ඇලඩින්’ මෙම චිත්‍රපටයට පෙර ඇමෙරිකානු ඩොලර් බිලියනයක් උපයාගත් චිත්‍රපට වේ.