‘ටෝටල් දමාල්’ කෝටි 200ක් උපයනවා
මේ දිනවල බොලිවුඩ් බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ පෙරළියක් ඇති කරමින් අති සාර්ථකව තිරගත වෙන ‘ටෝටල් දමාල්’ චිත්‍රපටය ඉන්දිය රුපියල් කෝටි 200ක් උපයන බවට එම චිත්‍රපටය නිෂ්පාදක කණ්ඩායම මාධ්‍යයට පවසා ඇත.
ජනප්‍රිය නළුනිළියන් බොහෝ දෙනෙකු යොදාගෙන නිර්මාණය කළ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් උපයාගෙන ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 140කි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය තිරගත වී දින කිහිපයකින් එක්තරා බොලිවුඩ් සිනමා වෙබ් අඩවියක් මෙම චිත්‍රපටය සජිවිව නරඹන්නට අවස්ථාව ලබාදි තිබුණ බව වාර්තා විය. කෙසේ වෙතත්, මේ වනවිට මෙම චිත්‍රපටය එම වෙබ් අඩවියෙන් ඉවත් කොට ඇතැයි සඳහන් වේ.