‘ටෝටල් ඩමාල්’ ප්‍රශ්න ගොඩක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය පෙබරවාරි 22 වැනිදා තිරගත විම් ආරම්භ කළ ඉන්දර් කුමාර්ගේ ‘ටෝටල් දමාල්’ චිත්‍රපටය මේ වනවිට අන්තර්ජාලය හරහා සජිවිව නරඹන්නට එක්තරා වෙබ් අඩවියක් අවස්ථාව සළසාදී ඇතැයි වාර්තා වේ. තිරගත වී දින කිහිපයකට පසුව මෙම චිත්‍රපටය අන්තර්ජාලයේ සජිවිව නැරඹිමේ අවස්ථාව ලැබීමත් සමග චිත්‍රපටයේ ආදායම් උපයා ගැනීම එක්වරම අඩුවී ඇතැයිද වාර්තා වේ.

ඉන්දීය රුපියල් කෝටි 100ක් වැය කරමින් තැනුණ මෙම චිත්‍රපටය මෙම ක්‍රියාව නිසා පාඩු ලැබීමේ වතාවරණයකට මුහුණ දී තිබෙන බව සඳහන් වේ. කෙසේ වෙතත්, ‘ටෝටල් දමාල්’ චිත්‍රපටය සජිවිව පෙන්වන වෙබ් අඩවිය මේ වනවිට අවලංගු කර ඇතැයි වාර්තා වේ. මෙම චිත්‍රපටය මේ වනවිට ලොවපුරා තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 80කට ආසන්න මුදලක් උපයාගෙන තිබේ.

20190301Ajye-120190301Ajye-2