'ටෝටල් ඩමාල්' ලබන වසරට
මේ වසරේ දෙසැම්බර් මාසයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබු අජේ දේවගන්ගේ ‘ටෝටල් ඩමාල්’ චිත්‍රපටය ලබන වසරේ පෙබරවාරි මාසය තෙක් කල්ගත වු බව සඳහන් වේ. කිහිප වරක් මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට දින නියම වී තිබුණ නමුදු චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු කිහිපයක් නැවත නැවතත් සංස්කරනය කිරීම හේතුවෙන් මෙම චිත්‍රපටය මෙසේ කල් ගතු වූ බව සඳහන් වේ.
අජේ දේවගන් සමගින් මධුරි ඩික්සිත්, අනිල් කපූර්, රිතේෂ් දේශ්මුක්, අර්ෂාඩ් වාසි, ජාවේඩ් ජෆ්රි යන ජනප්‍රිය නළුනිළියන්ද රංගනයෙන් දායක වෙයි. හාස්‍යමය චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කොට ඇති මෙම චිත්‍රපටය ‘ඩමාල්’ චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටයද වේ. මීට පෙර 2007 වසරේ ‘ඩමාල්’ හා 2011 වසරේ ‘ඩබල් ඩමාල්’ චිත්‍රපට ලෙස ප්‍රදර්ශනය වී තිබුණි.