'ටොයිලට් ඒක් ප්‍රේම් කතා' චීනයේ
පසුගිය වසරේ තිරගත වූ ‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය මේ දිනවල චීනයේ ප්‍රදර්ශනය වෙමින් පවතියි. තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 16ක මුදලක් උපයාගන්නට මෙම චිත්‍රපටය සමත්ව ඇත.
මේ වනවිට චිනයේ බොලිවුඩ් චිත්‍රපට සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවී ඇති හෙයින් මෙම චිත්‍රපටය චීනයේ ප්‍රදර්ශනය කළ බව චිත්‍රපට අධ්‍යක්ෂක ශ්‍රී නාරයන් සිං පවසා ඇත.
‘ටොයිලට් ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටය ඉන්දියාවේ පමණක් තිරගත වෙමින් ඉන්දීය රුපියල් කෝටි 250ක ආදායමක් උපයා ගැනීමට සමත් විය. මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 18ක් වැනි අඩු මුදලකින් නිර්මාණය කරන ලද්කකි.