ටේලර් ස්විෆ්ටගේ මිළඟ ඇල්බමය ‘ලවර්’
අගෝස්තු 26 වැනිදා ඇමෙරිකාවේ නිව්ජර්සි පැවැත්වීමට නියමිත ‘එම්.ටී.වී’ සම්මාන උළලේදී මේ වනවිට සම්මාන හතක් සඳහා නිර්දේශ වී ඇති ස්විෆ්ට තවත් නොබෝ දිනකින් සිය අලුත්ම ගීත ඇල්බමය අගෝස්තු 23 වැනිදා නිකුත් කරන්නට සූදානමකින් සිටින බවට තොරතුරු වාර්තා වේ. මේ වනවිට ඇය විසින් මෙම ගීත ඇල්බමය නම් කොට ඇත්තේ ‘ලවර්’ නමිනි.
ගීත 18කින් සමන්විත් මෙම ඇල්බමයේ ඇය විසින් රචනා කළ ගීත කිහිපයක්ද ඇතුලත්ව තිබීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ඇල්බමය බෙදාහරිනු ලබන්නේද ඇයගේ නමින් ඇති ප්රඩක්ෂන් ආයතනයෙන් බව සඳහන් වේ.