ටිස්කා චොප්රා ගේ දිල්ලි ගමන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොරෝනා වසංගතය විසින් ආදරණීයයන් එකිනෙකා වෙතින් වෙන් කර තබනු ලැබුවේ බොහෝ කුරිරු ආකාරයටය. එකම රටේ ප්‍රාන්ත දෙකක සිටියත් ඔවුනොවුන් හමු වෙන්නට ඔවුන්ට වරම් ලැබුණේ නැත. මුම්බායි හි වාසය කරන ටිස්කා චොප්රා ද සිය දෙමව්පියන් දකින්නට දිල්ලියට ගියේ අවුරුද්දකට පසුවය. ඒ ගමන ප්‍රවේසම් සහගත නැතැයි ඔවුන් පවා කීවේ වී නමුදු ටිස්කාට තව දුරටත් ගමන කල් දාන්නට සිතුණේ නැත. ලද පළමු අවස්ථාවේදීම ඇය නිවස බලා පියාසර කළාය. 
“මගෙ සහෝදරයා ඉන්නෙ කැනඩාවේ.. ඔහුට දෙමව්පියෝ බලන්න එන්න බැරි වෙන එක සාධාරණයි.. එකම රටේ ඉඳලත් මටත් යන්න බැරි වුණානෙ..” ඇය කියන්නීය.
ඇගේ දෙමව්පියන් මහලුය. එහෙත් නිවසේ උදව්වට කෙනෙකු සොයා ගන්නටත් නොහැකි වී ඇත්තේ මේ වසංගත තත්වය නිසාය. නිවසේ වැඩවලට මවත් පියාත් එකිනෙකාට උදව් කර ගන්නා බැව් ටිස්කා කීවාය. ඔවුන් අවුරුද්දකට පසු නිවසට ගිය ඇය පිළි ගෙන ඇත්තේ බොහෝ හැඟුම්බර ලෙසය. 
“අම්මලා දකින්න නැති වේදනාව තිබ්බා තමයි.. ඒත් මට ලොක් ඩවුන් කාලෙ හුඟක් පලදායක වුණා.. කාර්යබහුලකම හින්දා කරන්න බැරි වුණ හුඟාක් දේවල් මම කළේ මේ කාලෙ.. මම ඔන් ලයින් පන්ති කීපයකට සහභාගි වුණා.. මට මගේ ලිවීමේ හැකියාව වැඩිදියුණු කර ගන්න ඕන හින්දා ඒ පිළිබඳ පන්තියකට විතරක් නෙමෙයි අධ්‍යක්ෂණය පිළිබඳ පන්තියකටත් සහභාගි වුණා.. මගේ දුවත් එක්ක වැඩිපුර කාලෙ ගෙව්වා.. සැමියයි මමයි තිර රචනා දෙකක් ලියා අවසන් කළා.. මගෙ කෙටි චිත්‍රපටියේ සංස්කරණ කටයුතුත් ඉවර කර ගන්න මට පුළුවන් වුණා..” ඇය කියන්නීය. 
ටිස්කා චොප්රා නිළියක පමණක් නොව ගත් කතුවරියක සහ චිත්‍රපටි නිෂ්පාදිකාවක ද වන්නීය. ඇය මේ වන විවිධ භාෂාවලින් නිර්මාණය වුණ චිත්‍රපටි 45 ක පමණ රඟ පා තිබේ. එහෙත් ඇය ගේ හොඳම චිත්‍රපටිය ලෙස තවමත් සැළකෙන්නේ තාරේ සමීන් පාර් ය.
ටිස්කා ගේ සැමියා ඉන්දියානු ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු වන සංජේ චොප්රාය. ඔවුන් දෙදෙනාට දියණියක් සිටියි.

 

20210214Tisca-1 20210214Tisca-2