'ටියුබ්ලයිට්' පළමු දිනයේදී කෝටි 20ක් උපයයි
සුපිරි නළු සල්මාන් ඛාන් රංගනයෙන් දායක වන ඔහුගේ නවතම චිත්රපටය "ටියුබ්ලයිට්" පසුගිය 23 වැනිදා ප්රදර්ශනය ආරම්භ කරනු ලැබීය. තිරගත වූ පළමු දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 20ක ආදායමක් ඉන්දියාවේදී පමණක් මෙම චිත්රපටය උපයා ගන්නට සමත් විය.
එය මේ වසරේදී බොලිවුඩ් චිත්රපටයක් තිරගත වු පළමු දිනයේදීම උපයාගත් දෙවැනි වැඩිම මුදල වේ. මෙහි පළමු තැන මේ වනවිටද අති සාර්ථකව තිරගත වෙන "බාහූබලි" දෙවැනි චිත්රපටය විසින් උපයා ගැනීමට සමත්ව ඇත. "ටියුබ්ලයිට්" චිත්රපටය ලොවපුරා සිනමා ශාලා 4033ක ප්රදර්ශනය වන අතර, ඇමෙරිකාවේ පමණක් සිනමා ශාලා 300ක ප්රදර්ශනය වන බව සඳහන් වේ.