'ට්රාන්ස්ෆෝමර්ස්' හයවැන්න නත්තලේදී
අතිශය ජනප්රිය වූ ‘ට්රාන්ස්ෆෝමර්ස්’ චිත්රපට මාලාවේ අලුත්ම චිත්රපටය එළැඹෙන නත්තලේදී ලොවපුරා තිරගත වීමට නියමිතය. මේ දක්වා ‘ට්රාන්ස්ෆෝමර්ස්’ චිත්රපට පහක් නිර්මාණය වී ඇති අතර, එම චිත්රපට නිෂ්පාදනය සඳහා වියදම් වූ මුදලකට වඩා අඩු මුදලකින් මෙම ‘බම්බල්බී’ චිත්රපටය නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වන්නේය. මෙම චිත්රපටයේ ප්රධාන භූමිකාව වී ඇත්තේ ‘ට්රාන්ස්ෆෝමර්ස්’ චිත්රපට මාලවේ අතිශය ජනප්රිය වූ ‘බම්බල්බී’ රෝබෝය.
එම චරිතය සමගින් ජනප්රිය රෙස්ලින් ක්රීඩකයෙකු ජෝන් සීනා, ඇමෙරිකානු යොවුන් ගායන ශිල්පිනියක් වන 20 වැනි වියෙහි පසුවන හාලී ස්ටැන්ෆිල්ඩ්ද මෙහි රංගනයෙන් දායක වෙයි. ‘බම්බල්බී’ චිත්රපටයට පෙර 2017 වසරේ තිරගත වූ ‘ට්රාන්ස්ෆෝමර්ස් – ද ලාස්ට් කිංග්’ චිත්රපටය බලාපොරොත්තු වු තරම් සාර්ථක එකක් නොවීය. මේ නිසාම ‘බම්බල්බී’ චිත්රපටය අඩු ආදායමකින් නිර්මාණය කරන්නට ‘පැරමුන්ට්’ චිත්රපට සමාගම කටයුතු කළ ඇති බවට රාවයක් පැතිරේ. කෙසේ වෙතත්, දැනට එහි වියදම පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවා තිබෙන බව සඳහන් වේ.