ට්වින්කල් ඛන්නාට දෝශා රෝපණය
2016 දී තිරගත වූ රුස්තම් චිත්‍රපටයේ ආක්ෂේ විසින් රංගනයේ යෙදීමේදී ඇඳ සිටි නාවික ඇඳුම් වෙන්දේසී කිරීමට සූදානම් බව ඉන්දියානු පුවත් වාර්තා කරනු ලැබුවා. මෙම කාර්යයේ මූලිකව කටයුතු කලේ ආක්ෂේගේ බිරිඳ වන ට්වින්කල් ඛන්නාය. ඇය මෙම කාරණාව පිළිබඳව ඇයගේ ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් කර තිබුණු අතර, එයින් ලැබෙන මුදල අසරණ සතුන්ගේ සුබ සාධනයට වෙන් කරන බව සඳහන් කර තිබුණා. මේ කාරණාව හේතුවෙන් බොහෝ දෙනාගේ දෝශාරොපණය ඇයට එල්ල වුණේ, එය හමුදා නිළ ඇදුමකට කල අපහසයක් සහ නිගරුවක් බවයි.