'ටර්මිනේටර්' යළිත්?
ආර්නෝල්ඩ් ස්වාසර්නේගර් විසින් රංගනයෙන් දායක වූ ‘ටර්මිනේටර්’ චිත්‍රපට නැවත නිශ්පාදනය කිරීමට සූදානම් වන බව විදේස් මාධ්‍ය සඳහන් කරනවා. මෙහි පළමු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ජේම්ස් කැමරන් මේ සඳහා සූදානම් වෙමින් සිටින බවයි සඳහන් වන්නේ. ඔහු විසින් සිදු කිරීමට සූදානම් වන්නේ 1987 වර්ෂයේදී තිරගත වූ ’ටර්මිනේටර්’ චිත්‍රපටය, 1991 වර්ෂයේදී තිරගත වූ ‘ටර්මිනේටර් - 2’ චිත්‍රපටය සහ ජොනතන් මොස්ටොව් අධ්‍යක්ෂණය කළ ‘ටර්මිනේටර් - 3: රයිස් ඔෆ් ද මැෂින්ස්’ චිත්‍රපටය එක් කොට එක් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටයි. මේ සඳහා අවශ්‍ය වන අයිතිමය කටයුතු සඳහා මේ දිනවල ඔහු බොහෝ සෙයින් වෙහෙසක් දරණ බව සඳහන් කරයි. ටර්මිනේටර් චිත්‍රපටවල ප්‍රකාශන හිමිකම් වෙනත් පුද්ගලයන් සතුව පවතිනවා. ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයි ‘ටර්මිනේටර්’ අලුත් චිත්‍රපටය නිර්මාණයට මුල පිරෙන්නේ. එම කාරණාව සාර්ථක වූවොත් ඉදිරියේදී ‘ටර්මිනේටර්’ චිත්‍රපටයක් නැවත දැක ගැනීමට හැකියාව තිබෙන බවයි සඳහන් වන්නේ.