ටයිටැනික් දෙවැන්න යාත්‍රා කිරීමට සූදානම්
1912 වසරේ දී විනාශයට පත් වූ ටයිටැනික් නෞකාවට සමාන තවත් නෞකාවක් නැවත නිර්මාණය කරමින් 2020 දී ගමන් ආරම්භ කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන ක්ලිව් පැල්මර් විසින් නිෂ්පාදනය කරන ‘ටයිටැනික් 02’ නම් නෞකාවේ විශේෂත්වය වන්නේ ටයිටැනික් මුල් නෞකාවට සමාන තාක්ෂණික මට්ටමේ ඉහළ යාමය. මොහු විසින් 2012 වසරේ දී ටයිටැනික් 02 නෞකාව නිෂ්පාදනයට කටයුතු සූදානම් කළ චීන රජය සහ නිෂ්පාදිත සමාගම සමග ඇති වූ මත ගැටුම් හේතුවෙන් එම ව්‍යාපෘතිය අත්හැර දැමීමට සිදුවිය. ඔහු පවසන පරිදි මෙම නෞකාව පළමුවැනි ටයිටැනික් නෞකාව මෙන්ම, සෞතැම්ටන් සහ නිව්යෝර්ක් බලා ගමන් කිරීමට සූදානම්ය.