ටයිගර්ගේ පළමු කෝටි 100
තරුණ පරපුර අතර මේ වනවිට අතිශය ජනප්‍රිය වී ඇති ටයිගර් ෂෙරේෆ් රඟන ‘බාග්’ දෙවැනි චිත්‍රපටය පසුගියදා සිය ආදායම ඉන්දීය රුපියල් කෝටි 100 දක්වා වැඩි කර ගැනීමට සමත්විය. එය ටයිගර් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායමද වේ. මේ වසරේ මේ දක්වා තිරගත වූ චිත්‍රපට අතර වැඩිම ආදායමක් උපයාගත් දෙවැනි චිත්‍රපටය ලෙස ‘බාගි’ දෙවැන්න වාර්තා අතරට එක්ව ඇත.
මෙම චිත්‍රපටයට පෙර ටයිගර් රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර ඉහළම ආදායමක් උපයාගන්නට සමත්ව තිබුණේ ‘බාගි’ පළමු චිත්‍රපටය. ඒ ඉන්දීය රුපිල් කෝටි 79ක මුදලකි. සිනමා විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉතා කෙටි කාලයකදී සිය ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි 200 දක්වා වැඩිකරගනු ඇති බවය.