'ටයිගර් සින්දා හේ' පාකිස්තානයේ
දැනට ඉන්දීය රුපියල් කෝටි 560ක ආදායමක් උපයාගෙන ඇති සල්මාන් ඛාන්ගේ ‘ටයිගර් සින්දා හේ’ චිත්‍රපටයේ පාකිස්තානයේ ප්‍රදර්ශනය කිරීමට මේ වනවිට අවසර ලබාදී තිබෙන බව සඳහන් වේ.
ඉන්දීය හා පාකිස්තානු ආරක්ෂයින් එකමුතුව කෙරෙන මෙහෙයුමක් පිළිබඳව ‘ටයිගර් සින්දා හේ’ කතාවට ඇතුලත් කර තිබීම හේතුවෙන් මෙම චිත්‍රපටය පාකිස්තානයේ ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දීමට කටයුතු කළ බව ඉන්දීය සිනමා බලධාරින් පවසා ඇත.
කෙසේ වෙතත්, මේ වන විට මෙම චිත්‍රපටය ඉන්දීයාවේ ප්‍රදර්ශනය කොට අවසන්ව ඇති අතර, මැලේසියාවේ, ඔස්ට්‍රේලියාවේ හා දකුණු අප්‍රිකාවේ තවමත් ප්‍රදර්ශනය වෙමින් පවතින බව සඳහන් වේ.