ටයිගර් ෂ්රොෆ් සහ දිශා පටානි පෙම්වතුන්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-10-ent-59

තමා පෙම්වතුන් බැව් ප‍්‍රසිද්ධියේ පිළි ගන්නට ටයිගර් ෂ්රොෆ් සහ දිශා පටානි මැළි වෙති. එහෙත් තිරයේ පමණක් නොව ඉන් පිටතත් ඔවුන් දෙදෙනා දකින්නට ලැබෙන්නේ එකටමය. එම නිසාම ඔවුන් පෙම්වතුන් නොවන්නේයයි කියන්නට පුළුවන්කමක් නැත.

නිරූපිකාවක වූ දිශා චිත‍්‍රපටි ක්ෂේත‍්‍රයට ආවේ ලෝෆර් නම් තෙළි`ගු චිත‍්‍රපටියෙනි. එම් එස් දෝනි අන්ටෝල්ඞ් ස්ටෝරි චිත‍්‍රපටියෙන් බොලිවුඩයේ ස්ථාවර වූවාය. ටයිගර් සහ දිශා එකට ර`ගපෑවේ බිෆික්රා චිත‍්‍රපටියේය. තිරයේ ගැලපීම නිසාම ඔවුන්ට කටකතා සැදිණි. ඒවා ඇත්ත කරන්නට මෙන් භෝජනාගාරවල, උත්සව වල ඔවුන් දෙදෙනා එකට දකින්නට ලැබිණි.

දිශා දක්ෂ නර්තන ශිල්පිනියකි. පසුගියදා නර්තනාංගයක් පුහුණු වෙමින් සිටියදී ඇගේ කකුල ඇඹරී ගියේය. එය බොහෝ වේදනාකාරී වූ බැවින් ඇවිදීමේදී කිහිලිකරුවක් භාවිතා කරන්නට ද ඇයට සිදු විණී. එහෙත් ටයිගර් ඇය ළ`ගින්ම සිටියේය. ඔහු ඇය කැටුව ඇවිදින්නට යන ආකාරය දැක්වෙන ඡුායාරූප ද මාධ්‍යවල පළ වී තිබිණි.

මී ළ`ගට ඔවුන් දෙදෙනාගේ ර`ගපෑම් දකින්නට ලැබෙන්නේ බාගි 2 චිත‍්‍රපටියෙනි. මේ චිත‍්‍රපටියේ ප‍්‍රධාන නිළීය ලෙස දිශා යොදා ගන්නට නිෂ්පාදකයන් පොළඹවනු ලැබ ඇත්තේ ටයිගර් විසිනි. හීරෝපාන්ති 2 ස`දහා ද ඔහු ඇය යෝජනා කළේය. එහෙත් නිෂ්පාදක සජිඞ් නාදියවාලා එයට කැමැත්තක් දැක්වූයේ නැත. මේ නිසා ඔවුන් අතර ගැටුමක් ද හට ගත්තේය.

‘‘දෙන්නා අතරේ සම්බන්ධයක් නැත්නම් මෙහෙම දේවල් වෙනවද..?’’ තතු දන්නෝ ප‍්‍රශ්න කරති.

 

2017-07-10-ent-60